(විනීතා එම් ගමගේ)
වරාය අධිකාරිය තුළ මේ වනවිට ගොඩ ගැසී ඇති බහලූම් නිදහස් කර ගැනීමේ දී බහලූම් ප‍්‍රවාහන සේවකයින්ගේ හා වාප්පු ලිපිකරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නැයි වරාය භාවිතා කරන්නන්ගේ සංගම් එකමුතුව වරාය අධිකාරියෙන් හා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
වරාය අවට ඉගුරුකඬේ පිවිසුම අසල, නාගලගම් වීදිය හෙට්ටියාවත්ත පිවිසුම කොටහේන ප‍්‍රධාන පිිවිසුම ගුණසිංහ පුර හා පිටකොටුව යන ප‍්‍රදේශවල ආසාදියන් වාර්තා වීම නිසා එම ප‍්‍රදේශ වසා දමන තත්ත්වයට පත්ව ඇති බැවින් හම බහාලූම් නිකුත් කරන ස්ථාන ගේ‍්‍රලයින් හා ඔරුගොඩවත්ත ආදී ස්ථානවල අවශ්‍ය මට්ටමට පරික්ෂණ ස්ථාන ස්ථාපනය කර නැතැයි එම සංගම් එකමුතුව පෙන්වා දෙති.
එමෙන්ම වාප්පු නියෝජිත මහත්වරුන් සම්බන්ධයෙන් වන ලෝංග්රූම් මෙන්ම ඔවුන්ගේ ලිපිලේඛණ පරික්ෂාවට යොමු කරන ස්ථානයන් හිද පරික්ෂණ ස්ථාන ඇති කළ යුතුව ඇතැයි ද වරාය භාවිතා කරන්නන්ගේ සංගම් එකමුතුව වෙනුවෙන් එහි ප‍්‍රධාන ලේකම් බ‍්‍රිහාන් ආබ්දීන් මහතා ගේ අස්සනින් යුතුව යවා ඇති ලිපියේ සදහන් වේ.
මේ වනවිට රේගු නිලධාරින්ගේ රාජකාරි සීමා කර ඇති බැවින් ඒවා පුළුල් කරමින් වාප්පු නියෝජිතයින්ට තදබදයකින් තොරව රාජකාරි කටයුතු කර ගැනීමට ඉඩකඩ පහසුකම් සැපයීමට ද අවධානය යොමු කරන්නැයි ඔවුහු ඉල්ලා ඇත.
විශේෂයෙන්ම නිදහස් කරන බහලූම් හා ප‍්‍රවාහන රථ ගුදම්වලට යැවීමට පෙර විෂබීජහරණය කිරීමටත් පියවර ගන්නැයි එම සංගමය ඉල්ලා සිටියි.

