ව්‍යාපෘති අනුමැතියට කොමිසමක්


(සුජිත් හේවාජුලිගේ )

විවිධ රජයන් පසුගිය කාල සීමාවේදී   ව්‍යාපෘති රැසක්  අතරමග නතර කර දැමීම හේතුවෙන් කෝටි දහ දාහකට ආසන්න  මුදලක් රජයට අහිමිවී ඇති බව  සමගි ජන බලවේගයේ  ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම    පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ වූ ව්‍යාපෘති අතරමග නැවතීමෙන් කෝටි3000ක්ද සුදු අලියකු වන  මත්තල ගුවන්තොටුපොළ වෙනුවෙන්  කෝටි 4000ක්ද අහිමි වී ගිය බව පැවසූ මන්ත්‍රීවරයා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර වීමෙන් සිදුවූ පාඩුව  කෝටි පන්සියයක් බවද ප්‍රකාශ කළේය.

පිබිදෙන පොළොන්නරුව වැඩසටහන යටතේ ඉදිකෙරුණු පරිපාලන ගොඩනැගිල්ල අතරමග නතර කර දැමීමෙන් රුපියල් කෝටි
දොළහක පාඩුවක් සිදුව ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.

ජනාධිපතිවරයාගෙන් ජනාධිපතිවරයාට ඇමැතිවරයාගෙන් ඇමැතිවරයාට ව්‍යාපෘති වෙනස්වීමෙන් මෙම  ගැටලුව පැන නගින බව හෙතෙම සඳහන් කළේය.