ව්‍යාජ ආලේපන තොගයක් පිටකොටුවෙන් අල්ලයි


(යොහාන් භාසුර)

පාරිභෝගිකයන් නොමඟ යවමින් අළෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්‍ෂ 50 ක පමණ වෙළෙඳපොල වටිනාකමින් යුත් දේශීය සහ විදේශීය රූපලාවණ්‍ය ආලේපන ඇතුළු නිෂ්පාදන විශාල තොගයක් පිටකොටුව කදිරේෂන් වීදියේ ගබඩාවක සහ වෙළඳසැලක තිබියදී අද (3) භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලද තොරතුරක් මත කළ මෙම වැටලීමේදී අළෙවිය සඳහා සූදානම් කරමින් තිබූ ආනයනයකරුවකු හෝ නිෂ්පාදකයකු සඳහන් නොවූ මෙම රූපලාවණ්‍ය භාණ්ඩ තොගය බාරයට ගත් බව කී එම දෙපාර්තමේන්තුව දේශීයව නිෂ්පාදන කළ රූපලාවණ්‍ය ආලේපන සහ ද්‍රව්‍යය විදේශීය නිෂ්පාදන ලෙස පාරිභෝගිකයන් නොමඟ යවමින් ලේබල් අලවා වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව ද සදඟන් කළේය.