වළවේ ගඟට සිසුන් දෙදෙනා බිලි


(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)

වලවේ ගඟේ බළංගොඩ  වැලිහරනාව ජල පෙමිපාගාරය ආසන්නයේ දිය නැමට ගොස් අතුරුදන් වූ සිසුහු දෙදෙනාගේ සිරුර අද ප්‍රදේශයේ තරුණ පිරිසකගේ සහය ඇතිව සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.

බළංගොඩ ඇල්ලේඅරාව ප්‍රදේශයේ පදිංචිව සිටි සුන්දරලිංගමි ප්‍රවින් එමිනේෂන්  සහ බලන්ගොඩ චෙක්නෝල් ප්‍රදේශයේ පදිංචිව සිටි ජිවරාජ් අනුෂ් නැමැති 15 හැවිරිදි සිසුන් දෙදෙනාගේ සිරුරු මෙසේ සොයාගෙන ඇත. 

බළංගොඩ ප්‍රදේශයේ පැවැති ක්‍රිකට් තරගාවලියකට ගොස්  තවත් සිසුන් පිරිසක් සමග වැලිහරනාව ප්‍රදේශයේ ඇති ජල පොමිපාගාරය අසට දිය නැම සදහා ඊයේ පස්වරැවේ ගොස් තිබුණි.

අනිත් සිසුන්  ගොඩ සිට ඇති අතර මොවුන් දෙදෙනා ගඟට බැස දිය නැමට ගිය අවස්ථාවේ දියේ ගිලි අතුරුදන් විය.