නිශාන්ත කුමාර
අවුරුදු දෙකහමාරක් වයසැති වසු පැටවකු මරා මස් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගලඋඩ උණගොල්ල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අද (19) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය උණගොල්ල ගම්මානයේ පදිංචි අවුරුදු 37 ක් 56 වයසැති පුද්ගලයින් දෙදෙනෙකි.
පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැමිණෙන අවස්ථාවේදී වසු පැටවා මරා මස් රැගෙන ගොස් තිබූ අතර හිස සහ පාද හතර පමණක් ඉතිරි කර තිබූ බවද පොලිසිය පවසයි.
සැකකරුවන් බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

