වසා තිබූ නිවාඩු නිකේතනයේ පස්සා දොරෙන් රටබීම දීලා


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වෙසක් සතිය පුරා මත්පැන් අලෙවි කිරීම තහනම් කර තිබියදී එම තහනම් නියෝගය නොතකා හැර බලපත්‍ර නීති රීති උල්ලංඝනය කරමින් වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයකබියර් සහ අරක්කු බෝතල් විකුණමින් සිටියේ යැයි කියනඑම අවන්හලේ සේවය කරන අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි

බියර් බෝතල් සහ බියර් කෑන් 132ක තොගයක් සහ අරක්කු බෝතල් අටක් මෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන ඇත

වේයන්ගොඩ  පොලීසියට ලැබුණු තොරතුරක්වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මත  මෙම වැටලීම සිදු කර තිබේ

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා ගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇතැයි පොලිසිය කීය

පොලිස් ඇප මත මුදා හරින  ලද මෙම  මෙම පුද්ගලයාට එරෙහිව අධිකරණය ඉදිරියේ  නඩු පැවරීමට වේයන්ගොඩ පොලිසිය කටයුතු යොදා ගෙන යයි

ගම්පහ කොට්ඨාසය  භාර ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරී ජගත් රෝහණ මහතාගේඋපදෙස් මත මෙම වැටලීම සිදුකර ඇත