(සුමිත් පොතුපිටිය)
වස්කඩුව වාඩියමංඩක ප්‍රදේශයේ වෙළද සැලක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි එස් පුෂ්කුමාර නැමැති පුද්ගලයකු බව පොලිසිය කීය.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇති බව පොලිසිය සඳහන් කරයි.
කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උදය කුමාර , සහකාර පොලිස් අධිකාරිය සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාරද සිල්වා මහතාගේේ ප්‍රධානත්වයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.


