වස්කඩුව ගාලු පාරේ වාහන පහක් ගැටේ


 

(සුමිත් පොතුපිටිය )

වස්කඩුව ගාලුපාරේ අද(19) දහවල් වාහන 5 ක් ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

මෝටර් රථයක් , ත්‍රීරෝද රථ දෙකක්, කුඩා ලොරි රථයක් සහ යතුරු පැදියක් මෙසේ අනතුරට ලක්ව ඇති බව පොලිසිය කීය.

පානදුර දෙස සිට කළුතර දෙසට ගමන් කල මෝටර් රථයක් දකුණට හරවා අතුරු මාර්ගයට හැරවීමට උත්සහ කිරීමේදී කළුතර දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී තිබේ.

 ඒ මොහොතේ මෝටර් රථයට පිටුපසින් පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ද අනෙක් ත්‍රිරෝද රථයේ ගැටී මෝටර් රථය හැර අනෙක් වාහන තුනම අසල නවතා තිබූ කුඩා ලොරි රථයේ ගැටී ඇති බව පොලිසිය කීය.

අනතුරෙන් වාහන පහටම අලාභහානි සිදුව ඇති අතර , දෙදෙනකු සුළු තුවාල ලබා තිබේ.