වල්ලමක් පෙරැලී ධීවරයෙක් මරුට


(එම්.සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික)

දොඩන්දූව ධීවර වරායෙන් මුහුදු ගිය වල්ලමක්  පෙරැලී ධීවරයෙක් මරුමුවට පත්වී තවත් ධීවරයින් දෙදෙනෙකු ජීවිත නාවික හමුදාවෙන් බෙරාගත් බව රත්ගම පොලීසිය කියයි.

මේ අනතුරින් මියගොස් ඇත්තේ කුමාරකන්ද කනත්තවත්ත පදිංචි ටී.එච්.ආරියරත්න නමැති පනස්දෙහැවිරිදි තිදරු පියෙක් බවද පොලීසිය කියයි.

වල්ලම පෙරලී බේරා ගත් ධීවරයින් දෙදෙනාගෙන් බරපතල තුවාල ලබා ඇති එක් ධීවරයෙක් කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලීසිය කිය.

මේ වල්ලමේ ගිය සියලුම ධීවරයින් හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ පදිංචි අය බවද පොලිසිය කියයි.

රත්ගම පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.