වල් අලි පහරින් තරුණයා මිය යයි


(ජයරත්න වික්‍රමාරච්චි)

වල් අලියෙකු පහරදීමකින් තරුණයකු මියගොස් ඇතැයි සාලියවැව පොලීසිය පවසයි.

සාලියවැව දන්ගස්වැව ගම්මානයට අයත් සුදුවැල්ල ගොවිපල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රුවන්පුර ප්‍රභාත් මධුසංක (24) නමැති තරුණයකු මෙසේ මියගොස් ඇති බවත් පොලීසිය පැවසීය.

සිය නිවසේ සිට එම ප්‍රදේශයේම පදිංචි ඔහුගේ හිතවත් අයකුගේ නිවසකට ගොස් ඇති බවත්, අනතුරුව ඔහු එදින රාත්‍රී එම නිවසේ ගතකර පසුදින (15) උදෑසනම ආපසු සිය නිවසට ඒම සඳහා එම නිවසින් පිටත්වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

එසේ වුවද දහවල් වනතුරුත් ඔහු සිය නිවසට පැමිණ නැති අතර, ඒ අනුව ඔහුගේ පවුලේ උදවිය හා අසල්වාසීන් එක්ව සාලියවැව පොලීසියද දැනුම්වත්කර ඒ අවට ප්‍රදේශය පරීක්ෂාවට ලක්කර ඇති බවත්, එහිදී අදාළ තරුණයාගේ සිරුර කැලෑ රොදක තිබී හමුවී ඇති බවත් පොලීසිය පැවසීය.