
(ටී.කේ.ජී.කපිල)
චීනයේ හැංජො හී පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ඔවුන් පිළිගැනීම සදහා ඔවුන්ගේ දෙමාපියන් නෑදෑ හිතවතුන් , වලල ඒ රත්නායක විද්‍යාලයේ ගුරු භවතුන් , ආදී ශිෂ්‍යයන් , ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .



