වඳුරන්ට දොස් නොකියා වැඩ ටික කරන්න


 

(අංජුල මහික වීරරත්න)

වඳුරන්ටයි පැවති ආණ්ඩු වලටයි කෑ ගසමින් නොසිට ඡන්දෙට පෙර කියූ කතා ටික ක්‍රියාවෙන් කර පෙන්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.

කරන්න බැරි නම් අසමත්කම පිළිගෙන වද දෙන්නේ නැතිව යන්නැයි වැඳලා ඉල්ලන බව කී විමල් වීරවංශ මහතා හොරු පාලනය කරද්දිවත් රටේ ලුණු නැති වුනේ නැති බව සඳහන් කළේය. 

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේද කීය.

මේ අය අවුරුදු 75ක පාලනයක් ගැන කියා වෛරය වපුරා ගෙවල් ගිනි තබා බලය ලබා ගත්තා.ඒ කාලේ කතා කළේ පාර්ලිමේන්තුවට බස් එකේ එන්න.ඒත් බස් එකේ එන එකෙක් නම් අපිට කොහෙවත් හම්බවෙන්නේ නෑ.මේ අවුරුදු 75 ම රටේ මිනිස්සුන්ට කන්න ලුණු තිබුණා. මේ අය ඇවිත් මාස තුන හතරයි. කන්න ලුණුත් නෑ.පොල් හිඟ වෙනකොට පොල් සම්බෝල, පොල් කිරි කන්න එපා කිව්වා.ඊට පස්සේ බල්ලෝ කන ප්‍රමාණය මනින්න ඕන බව කිව්වා.ඊට පස්සේ රිලව් මත වරද පැටෙව්වා.ඊයේ විදුලිය විසන්ධි වීමේදී උදේ වග උත්තරකාරයා රිලවෙක් වුණා. සවස තිබුණු ආණ්ඩුව පිට වරද පැටෙව්වා.තිබුණු ආණ්ඩුවල හිටියේ රිලව්ද මං දන්නෙ නෑ යනුවෙන් විමල් වීරවංශ මහතා කීය.