
( එච්.චන්දන )
පුත්තලම වනාතවිල්ළුව එළුවන්කුලම රාල්මඩුව ප්‍රදේශයේ වෙල්යායක කුරුල්ලන් විශාල පිරිසක් මිය ගොස් ඇති බව වනාතවිල්ළුව වන ජීවී කාර්යාලය කියයි.
බුෂ්ලාක් නමින් හදුන්වන කුරුල්ලන් , වී කුරුල්ලන් කිහිපදෙනෙක් , පරවියෙක් ඇතුළු 150 ආසන්න පක්ෂින් ප්‍රමාණයක් මෙලෙස මිය ගොස් සිටි අයුරු දක්නට ලැබෙන බවත් මේ පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කල වන ජීවී නිළධාරිහු පවසති.
යම් කිසි විෂක් ශරීර ගතවීමෙන් මෙලෙස මෙම කුරුල්ලන් මිය යන්නට ඇතැයි සැක කෙරෙන බවත් , මිය ගිය කුරුල්ලන් ආහාරයට ගැනීමෙන් තවත් සතුන් මිය යා හැකි නිසා මිය ගිය කුරුල්ලන් රැසක් එකතු කල බව වනාතවිල්ළුව වන ජීවී කාර්යාලයේ වන සත්ව අඩවි සහකාර එම්.පි.එල් මාරසිංහ මහතා සදහන් කළේය.



