වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට


(නිමල් ජයරත්න සහ ක ග කරුණාරත්න )
 
පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය මහවැව ප්‍රදේශයේදි යතුරු පැදියකින් ගමන්ගත් පුද්ගලයෙකුට අද  (22)  වන අලියෙකු පහර දිමෙන් ඔහු මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
 
මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද අසේලපුර මෛත්‍රිගම අංක 209 ලිපිනයේ පදිංචිව සිටි 28 වියැති ගුණසේකර ආරච්චිලාගේ සරත් කුමාර යන එක්දරු පියෙකු බව පරික්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය කියයි.
 
ඔහු මෛත්‍රිගම සිට කදුරුවෙල දක්වා ඥාති නිවසකට සහල් උරයක් ලබා දිමට රැගෙන යමින් සිටියදි මෙම වනඅලි ප්‍රහාරයට ගොදුරු ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.
 
ඔහුගේ සිරුර මනම්පිටිය ප්‍රාදේශිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත්කර තිබෙන අතර වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලසන්ත බණ්ඩාර මහතා ඇතුලු පොලිස් නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
 
ගත වු දෙසතිය ඇතුලත මහවැලි බී කලාපයේ වනඅලි ප්‍රහාර වලින් මියගිය තෙවන මරණයද මෙය වේ.

 ( ඡායාරූප -නිමල් ජයරත්න)