වතුකම්කරුවෝ කොළඹ විරෝධතාවයේ


(යොහාන් භාසුර)

වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා වහාම ‘වතුකම්කරුවන්ගේ සාමූහික ගිවිසුම’ අස්සන් කරන ලෙස බලකරමින් ලංකා වෘත්තීය සමිති සම්මේලනය සහ ලංකා කම්කරු රතු කොඩි සංගමය නාරාහේන්පිට පිහිටි කම්කරු අමාත්‍යංශය ඉදිරිපිට අද (7) විරෝධතාවක් පැවැත්වීය.  

එහිදී වතු කම්කරුවෝ කම්කරු අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියේය ‘වතුකම්කරුවන්ගේ සාමූහික ගිවිසුම’ අස්සන් තැබීමට සේව්‍ය සම්මේලනයට බලකරන ලෙසයි.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)