(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි )
වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් පුස්සැල්ලාව ප්‍රදේශයේ තරුණයන් සහ තරුණියන් අද (25) පුස්සැල්ලාව නගරයේදී උද්ඝෝෂණයක් කළහ.
වතුකරයේ ජනතාවට ඔවුන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් නොලැබෙන බවත්, රටේ දැනට පවතින ජිවන වියදම අනුව වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට වතු සමාගම් සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට රජය මැදිහත් විය යුතු බවට ඔවුහු පැවසුහ.
වතු කම්කරුවෙකුට දැනට දිනක මුලික වැටුප වශයෙන් රු 530 වතු සමාගම් විසින් ගෙවන අතර එය රු 600 දක්වා වැඩි කිරිමේ යෝජනාවක් වතු සමාගම් විසින් වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත ඉදිරිපත් කර තිබේ.
එම යෝජනාව වතු එකාබද්ධ වෘත්තිය සමිති විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර හෙට දිනයේ හෙට (26) වතුකරය පුරා මෙවැනි උද්ඝෝෂණ ගනණාවක් පැවැත්විමට ලංකා කම්කරු කොංග්‍රසය තිරණය කර ඇත.