
(අංජුල මහික වීරරත්න)
සමගි ජනබලවේගයේ ප්‍රධාන පාර්ශවකරුවකු වන ජාතික වතු කම්කරු පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි තිගාම්බරන් මහතා ඊයේ (14) පස්වරුවේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා හමු වී ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
මාස කිහිපයක් විදේශගතව සිටි පලනි තිගාම්බරන් මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා හමුවී සාකච්ඡා කිරීම විශේෂ කාරණයක් බව සිරිකොත ප්‍රකාශකයෙක් පැවසීය.
පලනි තිගාම්බරන් මහතා සහ එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අතර සාකච්ඡා වූ කරුණු ගැන මාධ්‍යයට අනාවරණය නොවූ අතර මෙම සාකච්ඡාව ගැන එජාප මහලේකම්වරයා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද කරුණු වාර්තා කර තිබිණි.

