

(ගයාන් සූරියආරච්චි)
වත්තල හේකිත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් සැකකරුවන් 4 ක් බස්නාහිර උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ 15 සහ වත්තල ප්‍රදේශවල පදිංචි අවුරුදු 17, 25 සහ 27 වියේ පසුවන සිවුදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන වැල්ලේ සාරංග නැමැත්තාගේ පාර්ශවයේ පිරිසක් බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
සැකකරුවන් එම අපරාධය සදහා භාවිත කළ කඩු 4 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
වත්තල හේකිත්ත ප්‍රදේශයේ දෙමහල් නිවෙසක් තුළදී 43 හැවිරිදි පුද්ගලයා ඝාතනය කර තිබුණේ ඉකුත් ජූලි මාසයේ දිනෙකය.

