වත්කම් දෙන්න සතියක සහන කාලයක්


(සුජිත් හේවාජුලිගේ )

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ අවහිරතාවය හේතුවෙන් අද දිනයේ සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි වන අය සඳහා ජුලි මස 7 වන දින රාත්‍රී 12 දක්වා සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

විශාල පිරිසක් එකවර ඔන්ලයින් ඔස්සේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිස සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම හේතුවෙන් වෙබ් අඩවියේ යම් අවහිරතාවක් සිදුව ඇති බව වාර්තා වේ.