
(අංජුල මහික වීරරත්න)
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නි දිග ආසියාව සඳහා වන කලාපිය කමිටු රැස්වීමේ 78 වැනි සැසිවාරයෙහි සත්කාරකත්වය දැරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපය සඳහා වන කලාපිය කමිටු රැස්වීමේ 78 වැනි සැසිවාරය 2025 ඔක්තෝබර් මස 13 සිට 15 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම කලාපීය කමිටු රැස්විම මඟින් කලාපීය සෞඛ්‍ය න්‍යාය පත්‍රය සකස් කිරීම, ප්‍රගති සමාලෝචනය සහ අවධානය යොමු කළ යුතු සෞඛ්‍ය ගැටලු විසඳීමට ප්‍රතිපත්ති සම්මත කිරීම සිදු කරනු ලබයි.
ඒ සඳහා, සෞඛ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සාමාජික රටවල් 11කින් නිල නියෝජිතයින් සහභාගී වීමට නියමිතය. ඊට අමතරව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහ ලේකම් කාර්යාලයේ සහ එක්සත් ජාතීන්ගේ ආයතනවල නියෝජිතයින්, සංවර්ධන හවුල්කරුවන් සහ රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයින් ද මේ සඳහා සහභාගී වනු ඇත.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නි දිග ආසියා කලාපීය කමිටු රැස්වීමේ 78 වැනි සැසිවාරය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

