ලෝක වෙළඳ මධ්‍යස්ථාන නඩුවෙන් පාලනාධිකාරය නිදහස්


මනෝප‍්‍රිය ගුණසේකර 
 
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 06 වැනි මහළේ කාර්යාල කාමරයක් බලහත්කාරයෙන් විවෘත කොට අයුතු ලෙස එහි ඇතුල්වන ලදැයි කියන සිද්ධියකින් ලෝක වෙළ`ද මධ්‍යස්ථානයේ පාලනාධිකාරය මුදාහැරීමට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියම කළේය.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලෝක වෙළ`ද මධ්‍යස්ථානයේ පාලනාධිකාර සමාගමට එරෙහිව අපරාධ නීතීය යටතේ පියවර ගැනීමට තරම් සාධක නොමැති බවට නීතීපතිවරයා තීරණය කොට ඇතැයි කියමින් ජනාධිපති නීතීඥ චන්දන ලියනපටබැ`දි මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත‍්‍රාත්වරයා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පාලනය කරන  ඕවර්සියර් රියලිටි සිලොන් පෞද්ගලික සමාගම මුදාහැරීමට නියම කළේය.
 
මධුවිත රාජපක්‍ෂ මහතා කොටුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව කොටුව පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කොට තිබිණි.
 
සිද්ධිය පිළිබ`දව අධිකරණයට කරුණු වාර්තා කළ කොටුව පොලිසිය මෙම සිද්ධියේ පැමිණිලිකාර මධුවිත රාජපක්‍ෂ මහතා ලෝක වෙළ`ද මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ  06 වැනි මහලේ කාර්යාල කාමරයක් බදු ගිවිසුමක් යටතේ ලබාගෙන ඇති බවත් එම කාර්යාල කාමරය වසා තිබියදී ලෝක වෙළ`ද මධ්‍යස්ථානයේ පාලනාධිකාර සමාගම විසින් බලහත්කාරයෙන් එම කාර්යාල කාමරය විවෘත කොට එහි තිබු බඩු භාන්ඩ ඉවත් කොට ඇති බවට පැමිණිලි කොට ඇතැයිද දැනුම් දුන්නේය.
 
ලෝක වෙළ`ද මධ්‍යස්ථානයේ පාලනාධිකාර සමාගම වන  ඕවර්සියර් රියලිටි සිලොන් පෞද්ගලික සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ චන්දන ලියනපටබැ`දි මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියේ පැමිණිලිකරු තම සමාගම සමඟ ඇතිකරගත් බදු ගිවිසුමක් මඟින් ලෝක වෙළ`ද මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ 06 වැනි මහලේ කාර්යාල කාමරයක් ලබාගත් නමුත් බදු ගිවිසුමට අනුව පැමිණිලිකරු කටයුතු කොට නොමැති බවත් බදු මුදල් හෝ ගෙවා නැති බවත් දැනුම් දුන්නේය.