ලොරියක් මාර්ගයෙන් ඉවතට : කතකට බරපතලයි


(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල  බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කනුව ප්‍රදේශයේ දී අද (2) පස්වරුවේ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන නිවසකට කඩා වැදීමෙන් කාන්තාවක බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ශණ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .

අනතුරින් තුවාල ලබා ඇත්තේ බදුල්ල දලදා ඇල  ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි  කාන්‍තාවක යැයි පොලිසිය කීය .

මෙම ලොරිය දැව කදන් පැටවීම  සදහා බදුල්ල බලා ධාවනය වෙමින් තිබියදී මෙසේ පැවති වර්ශාවත් සමග ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇතයි පොලිසිය සදහන් කලේය .

අනතුරින් රියැදුරු තුවාල නොලබා බේරී ඇත.

හාලිඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති .