(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආයතන සභාපතිවරුන් සිවුදෙනකු සහ තානාපතිවරයකු පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ඒ අනුව, කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කාන්ඩීපන් බාලසුබ්‍රමනියම් මහතා පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇත.
එමෙන්ම උපුල් ධර්මදාස මහතා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමටත් විමල් රූබසිංහ මහතා ජාතික කඩදාසි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය දුන් බව මහලේකම්වරයා සඳහන් කළේය.
එයට අමතරව මහින්ද සාලිය මහතා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමටත් කොමදෝරු (ඉංජිනේරු)එච්. එස්. බාලසූරිය මහතා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රිෂාඩ් බදියුද්දීන් සහ ධර්මලිංගම් සිද්ධාර්තන් යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.

