
(ගයාන් සූරියආරච්චි)
වත්තේගම, ලේවැල්ලේගම ප්‍රදේශයේ නිවෙසකට යන මාර්ගයේ තැපැල් පෙට්ටිය අසල තිබී ගුවන් යානා නාශක ජීව උණ්ඩ 2 ක්, මූනිස්සමක්, ටී 56 සරඹ උණ්ඩ 2 ක් සහ ටී 56 ටූල් කිට් එකක් ඊයේ (10) සොයාගත් බව වත්තේගම පොලිසිය පවසයි.
එම ආයුධ එම ස්ථානයේ තිබූ පුද්ගලයන් පිළිබදව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු පිළිබදව තොරතුරු අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.
සී.සී.ටී.වී දර්ශන ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

