ලී කර්මාන්ත ශාලාව ගිනි රකුසාට බිලි


(සුමිත් ප්‍රේමතිලක සහ දයා හේමන්ත සිල්වා)

වස්කඩුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක අද (22) අලුයම ගින්නක් හටගෙන ඇති බව කළුතර උතුර පොලීසිය කියයි .

ලී පදම් කරන කර්මාන්තශාලාවක පිටුපස කොටසේ අළුයම හයට පමණ ගින්න හටගෙන ඇති අතර, කළුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදාගනිමින් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතුව , කළුතර උතුර පොලිසිය ගින්න මැඩ පැවැත්වීමට ක්‍රියා කර තිබේ.

පැය 2 කට අධික කාලයක් තුළ ඇතිවූ ගින්නෙන් කර්මාන්තශාලාවේ ලී විශාල තොගයක් විනාශ වී ඇති අතර, ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර , කළුතර උතුර පොලීසිය පරීක්ෂණ පවත්වති.