ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනකු විසින් නිපදවූ ප්‍රථම අභ්‍යාවකාශ චන්ද්‍රිකාව (රාවණා - 1) ලබන අප්‍රේල් මාසයේ දී අභ්‍යාවකාශයට පිවිසීමට සැලසුම් කර ඇති බව ආතර් සී ක්ලාක් ආයතනයේ නිලධාරියකු පැවසීය.
රාවණා - 1 යනු කුඩා ප්‍රමාණයේ ක්ෂුද්‍රරූපී චන්ද්‍රිකාවකි. මෙම චන්ද්‍රිකාව නිපදවනු ලැබුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු තරිදු දයාරත්න සහ ආතර් සී ක්ලාක් ආයතනයේ පරීක්ෂණ ඉංජිනේරුවරියක් වන දුලානි චාමිකා යන දෙදෙනාය.
රාවණා - 1 පෘථිවියෙන් කිලෝමීටර් 400 ක් ඈතින් පිහිටා තිබේ. මෙහි උපරිම ආයු කාලය වසරක් හෝ වසර එකහමාරක් පමණ වේ.
රාවණා - 1 චන්ද්‍රිකාවේ ප්‍රමාණය ඝණ සෙන්ටිමීටර 1000 ක් වන අතර එහි බර කිලෝග්‍රෑම් 1.1 කි.
2019 පෙබරවාරි 18 වැනි දා ජපාන අභ්‍යාවකාශ ගවේෂණ ආයතනය වෙත චන්ද්‍රිකාව නිල වශයෙන් බාරදෙනු ලැබීය. එය අප්‍රේල් 17 වැනි දා ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යවනු ලබයි.
මෙමගින් ශ්‍රී ලංකාවට අවට ඡායාරූප ගැනීම ඇතුළු අරමුණු පහක් ඉටුකර ගැනීමට අපේක්ෂා කෙරේ.
ඩේලිමීරර් ඇසුරෙනි
පරිවර්තනය - මලීෂා ගුණවර්ධන



