ලසන්ත ඝාතන සැකකරුවන් ගැන නිතිපති දුන් නියෝගය අත්හිටුවයි


(දිලංගා ගෝමස්)

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාලව පැහැර ගැනීම, සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු සැකකරුවන් තිදෙනකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බවට නීතිපතිවරයා ලිඛිතව දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට අද (13) දැනුම් දෙන ලදී.

සැකකරුවන් තිදෙනා නිදහස් කිරීම සම්බන්ධව නැවත සලකා බලන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගරු නීතිපතිතුමාගෙන් විමර්ශන සාරාංශගත වාර්තාවක් ගොනු කරමින් ඉල්ලා සිටි අවස්ථාවේදී ගරු නීතිපතිතුමා ඊට ප්‍රතිචාර දක්වමින් මුල් නියෝගය අනුව ක්‍රියා නොකරන ලෙසට පෙබරවාරි මස 11 වන දින වාර්තාවක් ලබා දි ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී කීර්තිසිංහ ,ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලංගසිංහ යන නිලධාරීන් විසින් නීතිපති උපදෙස් අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී.චතුරිකා සිල්වා මහත්මිය ඉදිරියේ මෝසමක් මගින් කැඳවමින් අද පැවසීය.