(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා සහ 22 වැනිදා පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (17) තීරණය කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පස්වරු 3.00ට රැස්විය.
නිරෝධායන ඇඳිරි නීතිය මැද රටේ අනෙකුත් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙද්දී පාර්ලිමේන්තුව පමණක් දින දෙකක් රැස්වීම වැරදි හෙයින් ඊට විරුද්ධත්වය එහිදී පළ කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

