ලග්ගල හිටපු සභාපතිගේ පුතා මැරුවාට දෙකක් පෝරකයට


(ඇමි.ඩබ්ලිව්.සෝමරත්න සහ මහේෂ් කිර්තිරත්න)

ලග්ගල ප්‍රාදේශිය සභා හිටපු සභාපති ධර්මසිරි කංනන්ගර මතාගේගේ පුතට වෙඩිතබා ඝාතනය කිරිම සහ ඔහු සමග සිටි තවත් අයකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට වරදකරුවන් වු ⁣චූදිතයන් දෙදෙනකුට මාතලේ මධ්‍යම පළාත් මහ අධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා මරණ දඬුවම අද නියම කළේය.

මෙසේ මරණ දඩුවම් නියම වුයේ ලග්ගල ගෝනවෙල පදිංචි ඒකනායක මුදියන්සේලාගේ තුසිත දසනායක සහ කොස්ගහහේනේ ගෙදර සමරසුරිය යන අයවලුන්ටය.

මරණයට පත්වි ඇත්තේ ලග්ගල දොන් චන්ද්‍ර ජයන්ත කංනන්ගර (26) නමැති තරුණයෙකි. තුවාල ලැබ ඇත්තේ ලග්ගල දිසානායක මුදියන්සේලාගේ ප්‍රසන්න දිසානායක නමැත්තෙකි.

2003 වසරේ පෙබරවාරි මස 23 දින ලග්ගල ගෝනවල ප්‍රදේශයේ රිපිටර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ලග්ගල පදිංචි දොන් චන්ද්‍ර ගයන්න කන්නන්ගර යන අය මරණයට පත් කිරිම චෝදනාවට  එරෙහිව නිතිපතිවරයා විසින් චෝදනා ගොනු කළ තිබුණේය.