ලක්ෂ 75ක දුම්වැටි සමඟ අයෙක් රේගුවේදී කොටුවෙයි


(ටී.කේ.ජී.කපිල )

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (17) කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු මහනුවර , ගම්පොළ ප්‍රදේශයේ පදිංච් 25 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ විදේශීය නිෂ්පාදිත " ප්ලැටිනම් ඩබල් මික්ස් " වර්ගයේ දුම්වැටි 50,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 250 ක් සගවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

එම නිලධාරීන් මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .