(ඉන්දිකා රාමනායක )
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ ශීතාගාරයක තිබූ රුපියල් ලක්ෂ 6 ට ආසන්න ඉස්සෝ සහ දැල්ලෝ තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය පවසයි.
සැකකරු විසින් ඉකුත් 21 දින රාත්‍රියේ එම ශීතාගාරයේ ඉස්සෝ පෙට්ටි 11ක් සහ, දැල්ලෝ පෙට්ටි 18 ක් සොරාගෙන ගොස් ඇති බවට පෑලියගොඩ පොලිසියට පැමිණිලි ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරු ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති අතර. සැකකරු සොරාගන්නා ලද ඉස්සෝ සහ දැල්ලො පෙට්ටි තොගය යාබද තවත් ශීතකරණයක ගබඩා කොට තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කැලණිය අඹගහවත්ත, ප්‍රදේශයේ පදිංචි(45) හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කම්කරුවකු වශයෙන් සේවය කරන බවත් පොලිසිය සඳහන් කරයි. පෑලියගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

