ලක්ෂ 50ක විදෙස් මත්පැන් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)
 
නීති  විරෝධීව  මෙරටට රැගෙනවිත් තිබූ රුපියල් ලක්ෂ 50 ට අධික වටිනා විදෙස් මත්පැන් සමග චීන ජාතිකයෙක්  අද (8) අලුයම කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
සැකකරු සතුව චීන  විස්කි බෝතල් 1250 ක් තිබී ඇත.
 
සැකකරු සම්බන්ධයෙන්  ලැබුණ තොරතුරු  අනුව  කොල්ලුපිටියේ  දි ඔහුගේ  මෝටර් රථය පරීක්ෂාකර  විස්කි බෝතල් 60 ක් සොයාගෙන ඇත.
 
පසුව කළ ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ නවානැන්පොළේ  තිබී සෙසු බෝතල් අත්අඩංගුවට ගත් බව පොලිසිය  කියයි.