ලක්ෂ 40 ක මත්කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට


බිමල් ශ්‍යාමන් ජයසිංහ 

බොරැල්ල  සිංහ දූපත  ටී 20 වත්තේ නිවසක් වටලා  බෙදා හැරීමට ගෙනැවිත් තිබූ රුපියල් ලක්ෂ 40 පමණ වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සහ ජාවාරමෙන් උපයා  ගත් මුදල් සමඟ 50 හැවිරිදි  කාන්තාවක් අද  20 අලුයම අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

මත්කුඩු ග්‍රෑම් 302 සහ මුදලින් රුපියල් දෙලක්ෂ හැටපන්දහස් ,විද්‍යුත්  තරාදියක්  ද පොලිස් භාරයට ගෙන ඇත.

බස්නාහිර  පළාත් බුද්ධි  කොට්ඨාසයේ නිලධාරීන්ට ලද  තොරතුරක්  අනුව දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් මෙම වැටලීම කළ බව පොලිසිය සඳහන් කරයි.

සැකකාරිය මීට පෙරද මත් කුඩු ලග තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට  පත් වී මහාධිකරණයෙන් බන්ධනාගාර ගත කර සිටියදී  මීට මාස 6 කට පෙර නිදහස්ව පැමිණි තැනැත්තියක් බව පොලිසිය කියයි .

මෙම සැකකාරියගේ ස්වාමි පුරුෂයා ද  මත් කුඩු ජාවාරම සිදු කිරීම සම්බන්ධයෙන්  මේ වන විට රිමාන් බාරයට පත්ව සිටින බව  පොලීස් නිලධාරීයෙක් පැවසීය .
සැකකාර කාන්තාවගෙන්  වැඩිදුරටත්  ප්‍රශ්න කිරීම රඳවාගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතය .  

        බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය  මහතා උපදෙස්  මත දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වයි .