ලක්ෂ 30ක දුම්වැටි සමඟ දෙන්නෙක් ගුවන්තොටේදී අල්ලයි


(ටී.කේ.ජී.කපිල )

රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනකු අද (04 )දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .‍

මොවුන් දෙදෙනා අතරින් එක් අයෙකු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංච් 32 හැවිරිදි කාන්තාවකි . අනෙක් තැනැත්තිය නාරම්මල ප්‍රදේශයේ පදිංච් 23 හැවිරිදි තරුණියකි . 

 මොවුන් දෙදෙනා මෙම දුම්වැටි තොගය රැගෙන ඒම සදහාම , සංචාරක වීසා යටතේ ඩුබායි බලා ගොස් තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ .