ඉන්දිකා රාමනායක
මුල්ලේරියාව ගල්වාන හන්දියේ දී රුපියල් ලක්ෂ 233 කට අධික වටිනාකමින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් දෙදෙනා හෙරොයින් තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සතුව හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 947 ක ප්‍රමාණයක් තිබී හමු වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ වයස අවුරුදු 61 සහ 51 යන වයස්වල පසුවන වැල්ම්පිටියේ හා මුල්ලේරියාවේ පදිංචිකරුවෝ වෙති.