ලක්ෂ 20 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 5 ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක්,ජංගම දුරකතන හා සිම් කාඩ් පත් රැසක් සමඟ කාන්තාවක් සහ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු පානදුර ප්‍රදේශයේ පරත්ත රිවිදෙවිගම නිවසකදී අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.

එම පුද්ගලයා සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අනු හතරක්, කොකෙන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතරයි මිලිග්‍රෑම් හතරක් , ජංගම දුරකතන 18ක්, සිම්පත් නවයක්,විද්‍යුත් තරාදියක්, අත් කාචයක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් හතලිස් දහසක මුදලක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.