(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක )
කොල්ලුපිටිය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාලය හා සංචාරක සංවර්ධන අධිකාරියේ කාර්යාලවලින් රුපියල් 16 ලක්ෂ 64,900ක පරිගණක ටෝනර් හා ලිපිද්‍රව්‍ය සොරාගත් එම කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයන් දෙදෙනකු සහ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
කොල්ලුපිටිය පොලිස් ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී එම සොර බඩු පිටකොටුව ප්‍රදේශයේ වෙළඳසැලකට විකුණා ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එම සොර බඩු මිලදී ගත් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය