(යොහාන් භාසුර)
ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) මුහුණදී සිටි ටයර් සහ බැටරි හිඟය අවසන් වීම නිසා ලබන සඳුදා සිට උපරිම ධාරිතාවෙන් බස් ධාවයන ක්‍රියාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසීය.
ලංගම මුහුණ දී සිටි ටයර් සහ බැටරි හිඟය හේතුවෙන් බස් රථ 5,000 න් බස් රථ 2000 ක් පමණ ධාවනය කිරීමට නොහැකිව තිබූ බවත් ඒ අනුව දුරගමන් සේවා සියයට 80 ක් පමණ අත්හිටුවීමට සිදුව තිබූ බවත් එම නිලධාරියා කීය.
ටයර් සහ බැටරි මිලදීගැනීමේ ප්‍රසංපාදන ක්‍රියාවලියේ ගැටලුවක් හේතුවෙන් මිලදී ගැනීම ප්‍රමාද වූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.