
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ ඵලදායිතාවය නැංවීම සඳහා ඕස්ට්‍රේලියා ඵලදායිතා කොමිසමේ සහාය ලැබී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ඵලදායිතාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජාත්‍යන්තර ක්‍රමවේද සොයා බැලීම මෙම කොමිෂන් සභාවේ අරමුණ වන අතර මේ සඳහා ජාත්‍යන්තරව පිළිගෙන ඇති ඕස්ට්‍රේලියානු ඵලදායිතා කොමිසමේ සහාය රජය ඉල්ලා සිටියේය.
ඊට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මේ පිළිබඳ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එකඟතාව පළ කරනු ලැබීය.
රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නංවා තිබෙන අතර ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් පිහිටුවීම එහි ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන තිබේ.

