(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ සක්‍රීයව එක්වන ලෙස පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇරැයුම් කළේය.
පර්ත් නුවර සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර හමුවක් අද (09) පෙරවරුවේ සිදුවිය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය මෙන්ම ආර්ථික නවීකරණ සැලසුම් පිළිබඳ මෙහිදී ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ජනාධිපතිවරයා පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ඇතුළු ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ද ශ්‍රී ලාංකික ඩයස්පෝරාව දැනුවත් කළේය.

