(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (14) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි.
පරිප්පු කිලෝවක මිල රුපියල් 4 කින් ද, පාන්පිටි කිලෝවක මිල රුපියල් 15 කින් ද, සුදුලූණු කිලෝවක මිල රුපියල් 35 කින් ද, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 9 කින් ද, ටින් මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 5 කින් ද, අඩු කළ බවත් ඒ අනුව පරිප්පු කිලෝවක මිල රුපියල් 385 ක්, ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 190 ක්, ටින් මාළු ග්‍රෑම් 425 ටින් එකක මිල රුපියල් 490 ක්, පාන්පිටි කිලෝවක් රුපියල් 250 ක් සහ සුදුලූණු කිලෝවක් රුපියල් 460 ක් දක්වා පහත ගිය බවත් සතොස කීය.

