
(අංජුල මහික වීරරත්න)
රජයේ සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිල පහත හෙළීමට තීරණය කර තිබේ.
ආනයනික භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම සැලකිල්ලට ගෙන ජනතාවාදී රජයක් ලෙස ජනතාවට සහන සැලසීම සඳහා රජය සතු රාජ්‍ය යාන්ත්‍රණය උපරිම අයුරින් ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ඒ අනුව හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස මඟින් අලෙවි කරනු ලබන භාණ්ඩ 18ක මිල, පිටකොටුවේ තොග මිලටත් වඩා අඩු මිල ගණන් යටතේ පහත හෙළීමට අවශ්‍ය තීන්දු තීරණ ගෙන ඇති බව අමාත්‍යවරයා කීය.
ලොකු ලූනු, සුදු සීනි, පරිප්පු, කවුපි, කඩල, මුං ඇට, රට කජු, තිරිඟු පිටි, රතු කැකුළු සහල්, රතු නාඩු සහල්, සම්බා සහල්, සුදු නාඩු සහල්, පොන්නි සම්බා ඇතුළු අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය 18ක අඩුකළ මිල ගණන් මෙසේය.


