( නිශාන්ත කුමාර )
මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉටිතැම්පල ගම්මානයට යෑමට තවමත් නිසි මාර්ගයක් නොමැති වීමෙන් ගම්වාසීහු දැඩිව අසරණව සිටිති.
ගමට පැමිණිමට ඇත්තේ ගස් ගල් මැදින් දිවෙන අඩි පාරකි.
ගම්මානයේ බොහෝ ප්‍රවාහන කටයුතු සිදුවන්නේ මහ ගිිරිදඹය තරණය කරන්නාක් මෙන්වූ ගිරි ශිඛර මැදින් වැටුනු මාර්ගයේ තවලම් සහ මිනිසුන්ගේ කර බරිනි.
ගමේ අයකු රෝගී වූ විට ලියක රෙදි කැබැල්ලක් ගැටගසා එහි රෝගියා නංවාගෙන එම කද කර තබාගෙන කන්ද තරණය කොට ප්‍රධාන මාර්ගය වෙත පැමිණිය යුතුය.
අනතුරුව ත්රිරෝදරියකින් හෝ මාර්ගයේ ගමන් ගන්නා වෙනත් වාහනයකින් රෝබේරිය හෝ මීගහකිවුල රෝහලට රැගෙන ඒම ගම්මුන්ගේ සාමාන්‍ය සිරිතකි .
අද(27) උදෑසන හදිසියේම ගිලන් වූ ගමේ විහාරස්ථානයේ විහාරාධීපති මැදලන්දේ සුජාත හිමියෝ , කදක බැද ගමේ දායක පිරිස එක්ව රෝහලට රැගෙන යාම සිදු කෙරිණි.



