රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි


( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මදුරන්කුලිය මුක්කුතොඩුවාව  ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජලනය හා දැඩි ශ්වසන ආබාධයකට ලක්වී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මුන්දලම විල්පොත පදිංචි කළුමරක්කලගේ රේණුකා ඉන්ද්‍රකාන්ති නැමති දෙදරු මවකි.

ඇය වසර 35 කට ආසන්න කාලයක් මැද පෙරදීග රටවල ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිට ඇති බවත් අවසන් වරට එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙ ඩුබායි නගරයෙ සේවය කරමින් සිට ඇති බව ඥාතින් පවසති.

එසේ සේවය කරමින් සිට සති කිපයකට පෙර මෙරටට පැමිණි මෙම කාන්තාව යම් මානසික අපහසුතාවයකින් සිටිම නිසා එය සුව කරගැනීමට එම ස්ථානයට ගොස් ඇතැයි ඥාතීහු කියති.

එහිදී  ජල බෝතල් කිපයක් පානය කිරීමට දි ඇති අතර  පසුව යම් රෝගී තත්වයකින් රෝහල්ගත කිරීමෙන් අනතුව ඇය මියගොස් ඇතැයි පොලීසිය කියයි.