රුසියාව දියත් කළේ අභ්‍යවකාශ අවියක්ද?


(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියාව පසුගිය සතියේදී දියත් කළ චන්ද්‍රිකාවට අනෙක් චන්ද්‍රිකාවලට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබෙන බව ඇමෙරිකාව විශ්වාස කරන්නේ යැයි පෙන්ටගනයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජනරාල් පැට් රයිඩර් ප්‍රකාශ කළේය. 

පහල පෘතුවි කක්ෂයට දියත් කළ එම චන්ද්‍රිකාව අභ්‍යවකාශ අවියක් බවට ඇස්තමේන්තු කර ඇතැයි ඔහු පැවැසුවේය.

එම චන්ද්‍රිකාව ඇමෙරිකානු චන්ද්‍රිකා සමඟ එකම කක්ෂයේ කක්ෂගත වී ඇති බවත් වොෂින්ටනය දිගටම තත්වය නිරීක්ෂණය කරනු ඇති බවත් රයිඩර් සඳහන් කළේය. 

අවශ්‍ය වුවහොත් සිය චන්ද්‍රිකා ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඇමෙරිකාව සූදානම් බව බ්‍රිගේඩියර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.මේ පිළිබඳ රුසියානු බලධාරීන්ගෙන් විමසීමක් කර ඇති නමුත් එයට කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැත.