(ඩයනා උදයංගනී)
අනුරාධපුර, ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ මත පළඳවන ලද නව චූඩා මාණික්‍යය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යජාල ඔස්සේ ඇතැම් පුද්ගලයන් පළ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පියවරක් ගන්නැයි ඉල්ලා නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක, ස්වර්ණමාලී මහා චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමියෝ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිපියක් යොමු කර ඇත.
නව චූඩා මාණික්‍යය සත්‍ය චූඩා මාණික්‍යයක් නොවන බවට, පැරණි චූඩා මාණික්‍යයේ පාදමෙහි තිබූ මැණික්ගල් සොරකම් කර ඇති බවට, ජනාධිපතිවරයා දිවුරුම්දෙන අවස්ථාවේ චූඩා මාණික්‍යය ගලවා ඉවත් කර තිබූ බවට, රුවන්වැලිසෑයේ මුදුනත සවිකර තිබූ අකුණු සන්නායකය හා සම්බන්ධිත ට්‍රාන්ස්මීටරයක් මගින් අන්තර්ජාලය හරහා වෙනත් රටකට තොරතුරු ලබාදෙන බවට, ලබාදෙන තොරතුරු හේතුවෙන් එය විනාශ කිරීමට එකී රටවලින් ප්‍රහාරයක් එල්ල කළහොත් රුවන්වැලිසෑය විනාශ වන බවට ආදී වශයෙන් මෙම පුද්ගලයන් එල්ල කරන චෝදනාවන්හි කිසිඳු සත්‍යතාවයක් නැතැයි ද එහි සඳහන් වේ.
මෙම සාවද්‍ය ප්‍රකාශ කර ඇති පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට, මෙවැනි ක්‍රියාකාරකම් අත්හිටුවීමට සහ අදාළ ප්‍රකාශ සහිත වීඩියෝපට අන්තර්ජාලයෙන් ඉවත්කිරීමට පියවර ගන්නා ලෙස ද පල්ලේගම හේමරතන නා හිමියෝ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.
රුවන්වැලිසෑය මත නව චූඩා මාණික්‍යය තැන්පත් කිරීමේ කාර්යය සඳහා තෝරාගත් විශ්ව පාරමී පදනම බුද්ධගයාභූමිය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා ඉදිකළ රන් වැටෙහි රන් ආලේප කිරීම ආදී කටයුතු ද සිදුකළ ගෞරවයට පාත්‍ර වූ ආයතනයක් බවත්, නව චූඩා මාණික්‍යය ලෙස ලොව අංක එකේ ආයතනයක් වන ඔස්ටි්‍රයාවේ ‘ස්වරෝස්කි’ ආයතනනය වෙතින් මිලදී ගත් අති දුර්ලභ මාණික්‍යයක් (ක්‍රිස්ටල්) යොදාගෙන ඇති බවත් උන්වහන්සේ සිය ලිපියෙහි සඳහන් කර ඇත.
එය නිසි රස පරීක්‍ෂණයක් මගින් තහවුරු කරගත හැකි බවත්, මෙම චූඩා මාණික්‍යය පැළඳවීමේ කටයුතු ආරම්භ කළ දිනයේ සිට අවසානය දක්වා කටයුතු අධීක්‍ෂණය වෙනුවෙන් පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන් සිවුදෙනකු පූර්ණකාලීනව යොදවා තිබූ නිසා අවශ්‍ය නම් ඔවුන්ගෙන් ද වාර්තාවක් ලබාගත හැකි බවත් පල්ලේගම හේමරතන නා හිමියෝ සඳහන් කර තිබේ.