රුවන් -එ,ජා නේවාසික සම්බන්ධීකාරක හමුවක්


(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා අතර හමුවක් කොළඹදී සිදුවිය.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩසටහන් ඇතුළුව රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් රුවන් විජයවර්ධන මහතා මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක වරයාට කරුණු පැහැදිලි කළේය.