රුපියල් ලක්ෂයක හෙරොයින් සමඟ අයෙක් දැලේ


(දිලීප් ජයසේකර)

බිරිඳගේ යතුරු පැදිය උකස් කර හෙරොයින් මත්කුඩු මිලදී ගෙන අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂයක හෙරොයින් මත්කුඩු සමඟ මාතර හම්බන්තොට දිසා වැටලිම් ඒකකයේ නිලධාරීන් විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට රුවන්පුර පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු හම්බන්තොට ගබඩා හන්දියේ ඉන්ධන පිරවුම් හල අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී රුපියල් ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු පැකට් 32ක් තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටපත් සැකකරු හෙරොයින් මත් කුඩු රැගෙනවිත් හම්බන්තොට හා ඒ අවට තැරැව්කරුවන්ට බෙදා දීමේ නිරත ප්‍රධාන පෙලේ ජාවාරම්කරු බව අනාවරණය වූ බව පොලිසිය පැවසීය.