(නිමන්ති රණසිංහ)
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතා ප‍්‍රකාශයක් ලබා දීම සදහා අද (16) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සෙනාරත්න මහතා පැවසීය.
මන්නාරම ප‍්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණයට අදාළව මේ වන විට හිටපු අමාත්‍යවරයා සිය ප‍්‍රකාශය ලබාදෙමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 14 වැනිදා ද හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිය ප‍්‍රකාශය ලබා දී තිබූ අතර, අද එහි වැඩිදුර ප‍්‍රකාශ ලබාමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ බාල සොහොයුරා වන රියාද් බදියුර්දීන් මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රදවා තබාගෙන ප‍්‍රශ්න කිරිම් සිදුකරනු ලබන්නේ පාස්කු ඉරුදින ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙනි.

