රිවොල්වර දෙකක් සමඟ ’දෙමටගොඩ රුවන්’ අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

දෙමටගොඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සිදුකළ වැටලීමකදී පාතාල නායක දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සොහෝදරයෙකු වන දෙමටගොඩ රුවන් නැමැත්තා සමඟ පාකිස්ථාන ජාතික යුවලක් ඇතුළු නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බාලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතිෆ් මහතා පැවැසීය.

එම සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනෙකුද වන බව පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බාලකායේ සංවිධානාත්මක අපරාධ ඒකකය මගින් සිදු කළ මෙම වැටලීමේදී විදේශීය රටක නිෂ්පාදන ගිනි අවි දෙකක් , වායු රයිෆලයක්,කඩු දෙකක්, මුදල් ගණින යන්ත්‍ර දෙකක්,කොකේන් ග්‍රෑම් හතරක්, රුපියල් ලක්ෂයට වැඩි  මුදලක්, නවීන පන්නයේ මෝටර් රථ දෙකක් හා ජීප් රථයක්  පොලිසිය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර දෙමටගොඩ රුවන් නැමැත්තාගේ පුත්‍රයාද වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.